mahindananda-cse-released

 මුදල් විශුද්ධිකරණ නඩුවකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.



අලූත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ
කොළඹ 7, කිංසි පාරේ දී  රුපියල් මිලියන 27 නිවසක් මිලදී ගත් බව ය. අල්ලස් පනත යටතේ එන පුරෝකථන වරදක් කරමින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් මගින් දේපළ මිලදී ගත් බව කියන පැමිණිල්ලකට අදාළවය .



විත්තිකරුගේ වරද සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.