
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසයි.
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුපර්ක්‍රොස් ධාවකයින් කැඳවා තිබූ හමුවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමයේ අනුශාසක සජාජ් ජුහේර්,
"ධාවන පථය ආරක්ෂාකාරීව සෑදීම සහ නරඹන්නන් කළමණාකරණය කිරීම සංවිධායකයින් සතු කාර්යයක් අපට ඒකෙදි මොකුත් කරන්න බැහැ අපිට කරන්න තියෙන්නේ රේස් කාර් එකේ නැගලා රේස් කරන්න රියදුරන්ව අත්අඩංගුවට ගැනීම හරිම අසාධාරණයි පොලීසියෙන් කියන්නේ කහ කොඩියට අවනත නොවීම කියලයි අපි කහ කොඩිය දැක්කම වේගය පාලනය කරගත යුතුයි එකපාරට කොඩිය පෙන්නුවාට පාලනය කරගන්න බැහැ කලින් කාර්එක පෙරලුන වෙලාවේ රතු කොඩිය යොදන්න තිබුණා කාර් හැප්පුනේ පාරෙන් එළියට ගිහින් නෙවෙයි කාර් හැප්පුනේ ට්‍රැක් එකේදි කට්ටිය ට්‍රැක් එකේ හිටපු එකේ වරදක් මිස රියදුරන් එළියට ගියේ නැහැ ජීවිත නැතිවීම ගැන අපිට හරිම දුකයි මේකට වගකියන්න ඕන රියදුරන් නෙවෙයි වරද කරපු අය වගකීම ගන්න - වෙන අයගේ ඇඟේ යවන්න එපා"
Comments
Post a Comment
Your comment will be visible after approval