damitha-released-on-bail

කොරියානු විදේශ රැකියාවක් ලබාදීමට ලක්ෂ 30 මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ලෙන්ඩි ජොන්සන් ඇප මත මුදාහැර තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.



අප්‍රේල් 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔවුන් අප්‍රේල් 05 වනදා දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අප්‍රේල්17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි. 17 වනදා නැවතත් ඔවුන් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන්නට නියම විය.
කොරියාවේ රැකියාවක් ලබාදෙන බව කියා රැවටීමට ලක්වූ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් ඔවුනට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් මොවුන් ලබාගෙන  ඉන් රුපියල් ලක්ෂ 4ක් නැවත ලබා දී ලක්ෂ 30 ක් වංචා කර ඇතැයි කියැවිණි.


“මම හිරේ යන්න බය නැහැ හිරගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ට හිරේ යන්න. මං හිරගෙදර ඉඳන් අවුරුදු සමරනවා සීඅයිඩී එක කිව්වා මං හැංගුණා කියලා. දමිතා කියන්නෙ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි. හැටනව ලක්‍ෂයක් ඡන්ද ගත්තු කාලකන්නි ක්‍රමයට විරුද්ධව අරගල කළ ගැහැනියක් යැයි සැකකාර දමිතා අබේරත්න කොටුව අධිකරණ භූමිය අසලදී මාධ්‍ය හමුවේ පසුගිය 04 වැනිදා කියා සිටියාය.