china-spy-canada

කැන­ඩාවේ අග­මැති ජස්ටින් ටෘඩෝ ජය­ග්‍ර­හ­ණය ලැබූ 2019 සහ 2021 මැති­ව­ර­ණ­ව­ලදී චීනය රහ­සි­ග­තව මැදි­හත් වූ බව එරට ආර­ක්ෂක බුද්ධි සේවය අනා­ව­ර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැන­ඩාවේ ආර­ක්ෂක බුද්ධි සේවය මේ පිළි­බඳ පසු­ගිය වසරේ පෙබ­ර­වාරි මාස­යේදී අග­මැති කාර්යා­ල­යට දැනුම් දී ඇතැයි ද විදේශ මැදි­හ­ත්වීම් සම්බන්ධ කොමි­ස­මේදී සාකච්ඡා කළ බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ.





එම මැති­ව­ර­ණ­ව­ලදී අපේ­ක්ෂ­ක­යන් 11 දෙනකු සහ කාර්ය මණ්ඩ­ලයේ 13 දෙනකු චීන රජයේ විදේ­ශීය මැදි­හ­ත් වී­මට සම්බන්ධ බවත් කැන­ඩාවේ ආර­ක්ෂක බුද්ධි සේවා වාර්තා­වෙන් අනා­ව­ර­ණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

එම වාර්තා­වට අනුව මැති­ව­ර­ණ­ව­ලදී විදේශ මැදි­හ­ත්වීම් පිළි­බඳ විම­සි­ල්ලෙන් සිටින ලෙස කාර්ය සාධක බළ­කාය ඉල්ලී­මක් කර ඇත. කෙසේ වුවද එම ක්‍රියා­වන් මැති­ව­ර­ණයේ අව­සන් ප්‍රති­ඵ­ල­යට කිසිදු බල­පෑ­මක් සිදු නොකළ බව ද එහි සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.