
අද (22) උදෑසන ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවූයේය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි ජ්‍යොතිර් වේදීන් අතර බණ්ඩාර මහතා ප්රමුඛ විය.
මහින්ද රාජපක්ෂ 2015 නැවත ජනපති පදවියට පත්වන බවත් එසේ නොවුණොත් තමා වෙඩි තබාගන්නා බවටත් දිවුරා අනාවැකි පළ කිරීම නිසා චන්ද්‍රසිරි බණ්ඩාර ආන්දෝලනයක් ඇති කළ ජ්යොතිෂ්යවේදියෙකි. පසුකලෙක ඔහුගේ අනාවැකි විවිධ විවේචනයන්ටද බදුන් විය.
අවසන් කටයුතු පසුව දන්වා සිටිනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval