When-she-asked-for-love-the-student-brought-her-brothers---the-student-brought-her-friends-15-remanded-for-beating

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසල් සිසු - සිසුවි පෙම් සබ­ඳ­තා­වක් මුල­්ක­ර­ග­නි­මින් ඇතිවූ ආරවුලක් නිසා සිදු කළ පහ­ර­දී­මක් හේතු­වෙන් තරු­ණ­යන් 15 දෙනෙකු රිමාන්ඩ් කරන ලද පුවතක් වාර්තාවේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මුල්ලේ­රි­යාවේ පදිංචි 10 වන ශ්‍රේණියේ සිසු­වෙකු 9 වන ශ්‍රේණියේ සිසු­වි­යක සමඟ ප්‍රේම සබ­ඳ­තා­වක් ගොඩ නඟා ගැනී­මට උත්සාහ ගෙන තිබේ.

නමුත් සිසු­විය එය ප්‍රති­ක්ෂේප කර ඇත. දිගින් දිග­ටම මෙම සිසුවා තමන් හා යාළු වෙන්නැයි සිසු­වි­යට බල­පෑම් කිරිම හේතු­වෙන් ඇය මේ බව ඇයගේ වැඩි­ම­හල් සොහො­යු­රන් දෙදෙනාට දැනුම් දී ඇත.
අන­තු­රුව පාසලේ පැවැති ක්‍රීඩා උත්ස­ව­ය­කට එම සහෝ­ද­රයින් හා එක් සහෝදරයෙකුගේ විවාහක බිරියද පැමිණ බලපෑම් කරන සිසුවා හමු වී තම සහෝ­ද­රිය තවම ඉගෙන ගන්නා බැවින් ප්‍රේම­ය­කට ඇයට බල­පෑම් නොක­රන ලෙස දැනුම් දී ඇත.
එයට එකඟවී නැති සිසුවා  තමන්ට කෙසේ හෝ සිසුවියගේ ප්‍රේමය අවශ්‍ය බව දන්වා ඇත.
එම අවස්ථාවේ පිරිස අතර බහින්බස්වීමක් පැනනැගී ඇති අතර දුර­ක­තන ඇම­තු­මක් ලබා දී සිය මිතු­රන් පිරි­සක් එම ස්ථාන­යට ගෙන්වා ඇති සිසුවා පාසල් භූමි­යෙන් පිට­තදී සිසු­වි­යගේ සහෝ­ද­ර පිරි­සට පහර දී ඇත.
එහිදී සිසු­වි­යගේ සහෝ­ද­ර­යන් දෙදෙ­නෙ­කුට සහ සහෝ­ද­ර‍යෙ­කුගේ බිරි­යට කල­හ­කා­රිව හැසු­රුණු පාසල් සිසුවා සහ ඔහුගේ මිතු­රන් පහ­රදී ඇත.


මේ සිද්ධි­යෙන් තුවාල ලැබූ තරු­ණ­යන් දෙදෙ­නෙක් සහ තරු­ණි­යක කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර පහ­ර­කෑ­මට ලක් වූ එක් පුද්ග­ල­යෙ­කුගේ තත්ත්වය බර­ප­තළ බවත් ඔහු දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන බවත් පොලි­සිය පැවැ­සීය.

මේ සම්බ­න්ධ­යෙන් මුල්ලේ­රි­යාව පොලී­සිය සිදු කළ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සැක­ක­රු­වන් 15 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන අධී­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබේ. ඔවුන් අද (29) දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කර තිබේ. ඔවුන් අද දිනයේ හඳු­නා­ගැ­නීමේ පෙරෙ­ට්ටු­ව­කට ඉදි­රි­පත් කරන ලෙසත් අධි­ක­ර­ණය නි‍යෝග කර තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් සීසී­ටීවී දර්ශන සහ දුර­ක­තන ඔස්සේ පටි­ගත වී ඇති දත්ත ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.