ප්‍රභූ ආර­ක්ෂක කොට්ඨා­ස­යක පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු බීමත්ව රජයේ ඩිපෙ­න්ඩර් රථ­යක් පදවා යතු­රු­පැ­දි­යක ගමන් ගත් පොලිස් කොස්තා­ප­ල්වරු දෙදෙ­නෙකු යට­කර තුවාල කර ඇත. ඒ හැරු­ණු­කොට එම ඩිපෙ­න්ඩ­රය ත්‍රිරෝද රථ­යක ද ගැටී අන­තු­රට ලක්ව තිබේ. මේ සම්බ­න්ධ­යෙන් ඩිපෙ­න්ඩර් රථය පැදවූ රියැ­දුරු 19දා කොම්ප­ඤ්ඤ­වී­දිය පොලිස් ස්ථානය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



ප්‍රභූ ආර­ක්ෂක කොට්ඨා­ස­යක පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙකු විසින් පද­වන ලද ඩිපෙ­න්ඩර් රථ­යක් කොළඹ සින­මන් ලේක්ස­යිඩ් හෝට­ලය අස­ලදී විශේෂ රාජ­කාරි සඳහා පැමිණ සිටි පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුගේ පෞද්ග­ලික යතු­රු­පැ­දි­යක ගැටී­මෙන් අන­තු­රක් සිදුව තිබේ.

එම අන­තු­රෙන් එම යතු­රු­පැ­දි­කරු වන පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සහ පසු­පස ගමන් කළ විශේෂ රාජ­කාරි සඳහා පැමිණ සිටි පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව පොලි­සිය පැවැ­සීය.


මෙම අන­තුර සිදු­කළ ඩිපෙ­න්ඩර් රථය ඉදි­රි­යට ඇදී ගොස් මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රිරෝද රථ­යක සහ බස් රථ­ය­කද ගැටී අන­තු­රට ලක්ව ඇති අතර අන­තු­රෙන් ඩිපෙ­න්ඩර් රථයේ ඉදි­රි­ප­සට බර­ප­තළ හානි සිදුව ඇති බව පොලි­සිය සඳ­හන් කළේය. ඩිපෙ­න්ඩර් රථයේ රියැ­දුරු ලෙස කට­යුතු කළ ප්‍රභූ ආර­ක්ෂක අංශයේ පොලිස් කොස්තා­ප­ල්ව­රයා ඒ අව­ස්ථාවේ බීමත්ව සිට ඇති අතර ඔහු රාජ­කාරි වාර්තා කර සිටි­යදී මෙම අන­තුර සිදුව ඇති බව පොලි­සිය පව­සයි. ඒ අනුව කොම්ප­ඤ්ඤ­වී­දිය පොලිස් ස්ථානය මඟින් ඩිපෙ­න්ඩර් රථයේ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව අද (22) දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර ඇති බව පොලි­සිය සඳ­හන් කළේය.

රක්ෂණ ශ්‍රියන්ත බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ