
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සේවිකාවකගේ නිරුවත් දර්ශන යොමුකර ලිංගික අල්ලස් ඉල්ලූ සරසවි සිසුවෙකු පෙරේදා (01දා) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.25 හැවිරිදි සැකකාර විශ්වවිද්‍යාල සිසුවා දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.24 හැවිරිදි තරුණිය මීට මාස කීපයකට ඉහතදී විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය නිමකිරීමෙන් අනතුරුව
පෞද්ගලික විශ්වවිද්‍යාලයක රැකියාව සඳහා පැමිණ ඇති අතර ඇය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට සිය ගම් ප්‍රදේශයේ සිට පැමිණෙන අවස්ථාවේදී තරුණයකු සමග විවාහ ගිවිසගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. කොළඹ පැමිණීමෙන් අනතුරුව අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේම තරුණයෙකු සමග අනියම් සබඳතාවක් වසර තුනක කාලයක් පවත්වාගෙන ගොස් තිබූ අතර, සැකකාර විශ්වවිද්‍යාල සිසුවා මෙම තරුණියට හොර රහසේ ඇයගේ නිරුවත් දර්ශන ජංගම දුරකථනයේ සටහන් කරගෙන තිබූ බවට හෙළිවී තිබේ.
රැකියාවට පැමිණීමෙන් අනතුරුව අදාළ සේවිකාව විසින් විශ්වවිද්‍යාල පෙම්වතාව අමතක කිරීම හේතුවෙන් උරණ වූ එම පුද්ගලයා ඔහු විසින් ලබාගත් නිරුවත් දර්ශන ඇයගේ ජංගම දුරකථනයට එවා ඇය ඔහුව අමතක කළොත් ඒවා ඇයගේ දෙමව්පියන්ටද යොමු කරන බවට පවසා තර්ජනය කර තිබූ බවට එම සේවිකාවක සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval