beruwala-incident

තමන් මහ­න­වී­මට යන බව කියා ලිපි­යක් ලියා තැබූ වයස අවු­රුදු 14යි, මාස 06ක්වූ දැරි­යක් කිසි­වෙ­කු­ටත් නොදන්වා නිව­සින් පිටව ගොස් තිබීමේ සිද්ධි­යක් පිළි­බ­ඳව බේරු­වල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.



බේරු­වල , වල­තර, දසා­ගම පදිං­චි­කා­රි­යක වන මෙම දැරිය පෙරේදා (25) සවස 4.00ට පමණ නිව­සින් පිටව ගොස් ඇති බව කිය­මින් ඇගේ මව පොලි­සි­යට පැමි­ණිලි කොට තිබේ. බේරු­වල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලලිත් පද්ම­කු­මාර මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

කළු­තර සුනිල් ස්ටැන්ලි