දියතලාවේ අද පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි. දියතලාව, නරියාකන්දේ දී පැවති “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් ” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී සිදුවූ දරුණු අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථ ධාවන තරගය අතරතුරදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තවත් පුද්ගලයින් 21 දෙනකු පමණ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය.

එක් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය ඇතැයි පොලිසිය පැවසීය.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් මෙය සංවිධානය කළ අතර, ඒෂියන් පේන්ට්ස් සමාගම මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.