
වවුනියාව සමලන්කුලම් ප්‍රදේශයේ තරුණියක් ළිඳකට වැටීමෙන් පෙරේදා (18) මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 24 හැවිරිදි තවරුපන් ලක්සිකා නමැති තරුණියකි. ඇය නිවෙසට ළිඳෙන් ජලය ලබා ගන්නා
ජල මෝටරය ක්‍රියාත්මක කිරීමට ළිඳ ළඟට ගිය අවස්ථාවේදී ආරක්ෂිත බැම්මක් නොමැති එම ළිඳට වැටී තිබේ. අසල්වාසීන් හා නිෙවසේ උදවිය වහාම පැමිණ ඇයව ළිඳෙන් ගොඩ ගෙන වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
රසුල දිල්හාර ගමගේ
Comments
Post a Comment
Your comment will be visible after approval