uddika-premaratne-speaks

මේ දිනවල කථාබහට ලක්ව සිටින ප්‍රකට නළු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මේ වනවිට සිටින්නේ කැනඩාවේය. ඔහු ව්‍යාජ රංගනයක නිරත වෙමින් තමන්ගේ වාහනයට වෙඩි තබාගෙන කැනඩාවේ දේශපාලන රැකවරණ මත වීසා ලබාගෙන පාර්ලිමේන්තුවෙන්ද ඉවත්වී එරට පදිංචියට ගොස් ඇති බවට මේ වනවිට කතා පැතිරේ.
මෙම විවේචන පළවන අතර යූ ටියුබ් නාලිකාවකට කැනඩාවේ සිට උද්දික ප්‍රේමරත්න පිළිතුරු දෙමින් මේ ගැන පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ පහත පරිදිය.
උද්ධික දේශපාලන සරණාගතයෙක් විදිහට කැනඩාවට පැන්නා. මොකක්ද මේ කළේ?

පැන්නා නෙමෙයි මං ප්ලේන් එකෙන් තමයි ආවෙ.
මේ විදිහට කියන කතා ගැන පුදුමයි. ඇත්තටම මං මේ රටට මොකක්ද මේ කරලා තියෙන්නෙ. මහා විනාසයක් කරපු කෙනෙක්ද? මේ රටට මේ තරම් ම මට මේ විදිහට මාව හඳුන්වන්න අ ම් මොකක්ද කරේ?
ඇත්තටම මේ රටට කිසිම දෙයක් කරලා නැහැ මට ඕන කළේ හැම වෙලාවෙම අපේ සමාජ පන්තියේ.
අපි ජීවත් වෙන පරිසරය අපේ මිනිස්සුන්ව නගාසිටුවීමේ අරමුණක පාර්ලිමේන්තුවේ වැඩ කරන්න විතරයි. වෙන කිසිමදෙයක් එතැනින් උප ගැනීමක් හෝ මට කියලා දෙයක් ලබා ගැනීම අරමුණ මම හිටියේ නෑ.
සතපහක්වත් මම හම්බ කරලා නැහැ. මට හම්බ කරන්න වුවමනාවකුත් නෑ. එහෙම අදහසක් තිබ්බෙත් නැහැ.

හැබැයි මගේ තිබ්බ දේවල් බොහෝ දේවල් මං වියපැහැදම් කරා මගේ මිතුරන්ගේ දේවල් මගේ ෆෑන්ස්ලා ගේ දේවල් ඒවා කරලා මිනිස්සුන්ට දේවල් කරා. නමුත් දේශපාලනයෙන් එම උපරිම කියන අරමුණක් වත් මගේ හිතේ නැහැ. ඇත්තටම ගැන දේශපාලනයේ තියෙන උපයන්න නෙමෙයි දේශපාලනයේ තියෙන්නේ මිනිස්සුන්ට උපයන්න පුළුවන් අවස්ථාව නිර්මාණය කරලා දෙන්න මිසක් දේශපාලනය කරන අපිට උපයන්න නෙමෙයි.

කලා ශිල්පියෙක් විදිහට ඉඳලා හම්බ කරපු දේවල් විතරයි අදටත් ඇත්තටම මට තියෙන්නේ.
ඒ වුනා ඇත්තටම ඒ අපේ රටේ මේ රංගන ශිල්පීන් ගේ ආර්ථික මට්ටම නං ඉතාම බිංදුවේ තියෙන්නේ අපේ කලා ක්ෂේත්රයේ.
තාම බින්දුවේ තියන එක මම කතාකරලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඔවුන් වෙනුවෙන් ඔවුන් කතා කරන්නේ නෑ. මොකද සෙලිබ්රිටි කෙනෙක් විදිහට ඉදිරියට එනකොට හැබැයි අපේ සංගීත ක්ෂේත්රයේ ප්රශ්නයක් නෑ.
ඒක ඉතාම හොඳට පවත්වාගෙන යනවා. ඉතින් මගේ වෘත්තිය වුණෙත් ඒක නිසා මගේ ආර්ථිකය තුළින් ඒ රටාව තුළ ගොඩනඟා ගන්න බැරි උනා.



ඔයා කැනඩා දේශපාලන රැකවරණ ගත්තා එකට ගේම් එකක් ගැහුවද කියන්න?

පැහැදිලිවම එහෙම කිසිම ගේම් එකක් මෙතැන නැහැ. එහෙම රැකවරණය පතලත් නැහැ.
රැකවරණය මම රජයෙන් ඉල්ලලත් නැහැ. එහෙම කිසිම දෙයක් මෙතන දැන් කැනඩාව කිව්ව ගමන් එන්නේ රැකවරණයෙන් විතරද තියෙන්නේ .

ඔබ කැනඩාවෙ දැන් ඉන්නේ විසිට් වීසාද වර්ක් වීසාද?

මං මෙහේ උත්සාහ කරන්නෙ වර්ක් වීසා එකකට තමා

ඉල්ලා අස්වීම ඔබ එව්වෙ කැනඩාවෙ ඉඳලද?

ඔව්
කොහොම ඉල්ලා අස් වුණත් ඉතින් ඒක ඉල්ලා අස්වීමක්.
රට යන එක  කොහොම ගියත් ඉතින් රට යන එක.

ආයේ දේශපාලනයට එනවාද?

 මගේ දේශපාලන මතවාදය අපේ මහ පොළොවේ අපේ රටේ ක්රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් මට ගොඩනගා ගන්න පුළුවන් වුණොත් පැහැදිලිවම අනාගතයේ එනවා.