
ජාතික විභාග මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පවත්වන පාසල් වාර විභාග කිහිපයකම ප්‍රශ්න පත්‍ර විභාගයට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමේ සිදුවීම් වාර්තා වෙයි.
2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාගයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 සහ 11 ශ්‍රේණිවල ඉංග්‍රීසි විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර පෙරදින රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
11 ශ්‍රේණියේ ගණිත ප්‍රශ්න පත්‍රයද එලෙස පිටවී ඇත.
මේ නිසා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගයම අත්හිටුවීමට තීරණය කර තිබෙයි.
රජයේ වාර පරීක්ෂණ විභාගයේදී එම පළාතට අදාල ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකක් පිටවීම හේතුවෙන් කළ බව දක්වා ඇති අතර
සිදුවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදුකර තිබෙයි.
මීට අමතරව එළැඹෙන සතිය තුළ පැවැත්වීමට නියමිත සබරගමුව පළාත් පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
එමෙන්ම ලංකා ගුරු සංගමය පවසන්නේ සබරගමුව පළාතේ පාසල්වල ලබන සඳුදා පැවැත්වීමට නියමිත 10 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාව විෂය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතින බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval