
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල අපරාධකරුවෙකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවත් "සමන් කොල්ලා" ගේ අම්බලන්ගොඩ, ඉඩංතොට, පෝනදූව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (මාර්තු 14) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබේ.
සිද්ධියෙන් ජීවිත හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් නිවසේ තාප්පයකට සහ දොරට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව වාර්තා වන අතර සිද්ධිය වන අවස්ථාවේ නිවස තුළ සමන් කොල්ලාගේ මව සහ සොහොයුරියන් තිදෙනෙකු සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval