
ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අසනීප තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ජාතික රෝහලේදී ඇය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වන විට 73 වන වියෙහි පසුවූවාය.
ගුවන් විදුලි සංස්ථාවේ සිටි ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ ඇය, වේදිකා, ටෙලි නාට්‍යය, මෙන්ම සිනමාවේද රංගනයන් ඉදිරිපත් කළාය.
ඇයගේ නැසීගිය ස්වාමි පුරුෂයා වූයේ ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් ය. (2010 මියගිය)
ඔහුගේ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩා චරිතය මගින් රම්‍යා වඩාත් ජනප්‍රිය වී සිටියාය. මෙම යුවළට බුද්ධිකා මුදිතානි නම් එක් දියණියක සිටී. බුද්ධිකා කැලණි පාලමේ කුඩා වියේදීම "සුරංගනී" ලෙස රගපෑ ඇතර ඇය වේදිකා ඇඳුම් නිර්මාණකරණයේදී දස්කම් දැක්වූවාය.
කෑගල්ල කොටියාකුඹුරේදී සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුත් පවුලක පස්වැනි දරුවා ලෙස උපත ලැබු රම්‍යාගේ පියා වතු අධිකාරීවරයෙකු විය. මව ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයෙනි. පාසල් රැසකට ඇතුළත් වූ ඇය අවසානයේ රුවන්වැල්ල රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය.
1974 හෙවායෝ වේදිකා නාට්‍යයෙහි පසුබිම් ගායිකාවක් ලෙස වේදිකාවට ගොඩවූවාය . 1976 දී ඇය මුලින්ම රංජිත් ධර්මකීර්තිගේ ‘හස්තිරාජ මහත්තයා‘ සුළු චරිතයක් සමඟින් රඟපෑවාය. ඉන්පසුව අංගාරා ගඟ ගලා බසී නාට්‍යයෙහි කේමදාසයන්ගේ පසුබිම් ගීත ගායනා කිරීමට ඇයට අවස්ථාව හිමි විය . ඇය එම නාට්‍යයේ ද ඇතැම් අහඹු අවස්ථාවල රඟපෑවාය.
නාට්‍යයේ 1978 දී චූලා කාරියවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මන රංජන වෙද වර්ජන "ගුණවතී" චරිතය හරහා ඇය වේදිකා නාට්‍යයේ පෙරළියක් කළාය. ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි ගැබිනියක් වූ නිසා කැලණි පාලමේ "මැටිල්ඩා" චරිතය නිෂ්පාදක සහ අනාගත සැමියා වූ ආර්.ආර්. සමරකෝන් විසින් රම්‍යාට ලබා දෙන ලදී. ඉන්පසුව ඇය සමරකෝන්ගේ අහසින් වැටෙන මිනිසුන් (1971), ඉඩම (1975), ජේලර් උන්නැහේ (1986), දූවිලි (1990) සහ රජ කතාව (1991) යන නාට්‍යවල රඟපෑවාය.
සඳ කිඳුරි , මුහුදු පුත්තු , මා හේනේ රීරි යකා , ලියතඹරා , සිරි සඟබෝ සහ හිරු නැති ලොව . ඇය රඟපෑ සෙසු නිර්මාණ අතර වේ.
1981 සිට ඇය 2006 විශ්‍රාම යන තෙක් ගුවන්විදුලි සංස්ථාවේ නිත්‍ය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළාය. ඇය ගුවන්විදුලි A-ශ්‍රේණියේ නූර්ති ගායිකාවක් ද වේ.
ඇය කන්දේ ගෙදර , පළිඟු මැණිකේ , මැණික් නදිය ගලා බසි , දෙනුවර මැණිකේ , පබා , අලුත් ගෙදර සහ යෙස් බොස් ආදී ටෙලිනාට්‍ය ගණනාවක මතකයේ රැඳෙන චරිත රඟපෑවාය.
https://www.youtube.com/watch?v=Gnaq_gyX4wo&t=202s
Comments
Post a Comment
Your comment will be visible after approval