
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙයි.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 09කින්. එහි නව මිල රුපියල් 447ක් වනවා.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 10කින්. එහි නව මිල රුපියල් 458ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
රුපියල් 262ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 257ක්. කෙසේවෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වෙනසක් සිදු වී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි ඕ සී සමාගම සහ නිනෝපෙක් සමාගම් ද ඊට සමාන අගයකින් ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

Comments
Post a Comment
Your comment will be visible after approval