
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.
එසේම පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval