
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකගේ කිරුළපන සද්ධර්මෝදය පාසල තුළ පිහිටි නිල නිවාසය කඩා එහි තිබූ රුපියල් ලක්ෂ දහයක පමණ වටිනාකමින් යුත් ගෘහ භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන දෙදෙනෙකු සොරාගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිරුළපන පූර්වාරාම පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
මෙම දෙදෙනාගෙන් එක් පුද්ගලයකු කිරුළපන සද්ධර්මෝදය විදුහල් පරිශ්‍රය තුළ පිහිටා ඇති කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකගේ නිල නිවාසයේ භාවිත කරමින් තිබූ කොමඩ් එකක්, මවුන්ටන් පාපැදියක්, ශීත කරණයක කම්ප්‍රේෂර් එකක්, රෙදි සෝදන යන්ත්‍රයක්, බ්ලෙන්ඩරයක්, වතුර මෝටරයක්, මුද්‍රණ යන්ත්‍රයක්, විදුලි පංකාවක්, පිඟන් කෝප්ප තොගයක්, සෙටප් එකක් සහ වටිනා ග්‍රන්ථ රැසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් තිබේ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ මව අසනීප තත්ත්වයෙන් පසු වීම නිසා මවගේ නිවෙසට ගොස් දින කිහිපයක් එහි රැඳී සිට,
යළි නිල නිවෙසට පැමිණි අවස්ථාවේදී නිවෙසේ තිබූ භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් තිබෙනු දැක, ඒ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කර තිබුණි.ඒ අනුව සැකකරු සොයා විමර්ශනයක් සිදු කරන අතරතුරදී කිරුළපන ප්‍රදේශයේ පොත් අලෙවිසල් කිහිපයකට ඉතා වටිනා ග්‍රන්ථ රැසක් සොච්චම් මුදලකට විකුණන බවට කිරුළපන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ (9233) ජයවීර නිලධාරියාට තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත නිලධාරි කණ්ඩායමක් කිරුළපන පූර්වාරාම පාරේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී එහි සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කිරීමේදී සොරාගත් භාණ්ඩ අලෙවි කිරීම සඳහා වෙනත් පුද්ගලයකුට භාරදුන් බව පවසා ඇත. පසුව, එම ප්‍රදේශයේම තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරාගත් රුපියල් ලක්ෂ දහයක පමණ වටිනාකමින් යුත් භාණ්ඩ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.ස
ැකකරුවන් අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහිවූවන් වන අතර, ඔවුන් මීට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටින්නන් බවට තොරතුරු අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සමරසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතාගේ මෙහෙය වීමෙන්, සැරයන්වරුන් වන (9233) ජයවීර, (37060) සනත්, (78686) අරුණ, කොස්තාපල්වරුන් වන (37783) විජයතුංග, (97757) ජෝර්ජ්, (97295) විජේසිංහ, (51837) අධිකාරි, (103025) චතුර, කාන්තා කොස්තාපල් (12641) වාසනා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval