
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ ත්‍රෙඩ්ස් ඇතුළු මෙටා සමාගමට අයත් වේදිකා මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව වාර්තාවේ.
9.00pm
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ ත්‍රෙඩ්ස් ඇතුළු මෙටා සමාගමට අයත් වේදිකා ලොව පුරාම තාක්ෂණික වශයෙන් බිදවැටී ඇති බව අඟහරුවාදා සන්ධ්‍යා කාලයේ වාර්තාවෙයි.
පරිශීලකයන් ඔවුන්ගේ Facebook,Instagram,Messenger හා Threds ගිණුම් වලින් ඉවත් වීම, නැවත ලොග් වීමට නොහැකි වීම වැනි විවිධ ගැටලු වාර්තා කරයි. අන්තර්ජාල සේවා ඇනහිටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන DownDetector හි වාර්තාවන්ට අනුව
ඉතා ඉක්මණින් ලොව පුරා මෙම දෝෂය පැතිර ගොස් ඇත.ඇමරිකාවේ වේලාවෙන් පෙරවරු 11 වන විට Downdetector හට දෝෂ වාර්තා 500,000කට වඩා ලැබී ඇත.
පැමිණිලි වල සටහන් වන්නේ පරිශීලකයින් ෆේස්බුක් වෙතින් ඉවත් වීම ඇතුළු ගැටළුය. ඔවුන් නැවත ලොග් වීමට උත්සාහ කරන විට, "යමක් වැරදී ඇත" වැනි දෝෂ පණිවිඩයක් දක්වයි. කරුණාකර නැවත උත්සාහ කරන්න." අධීක්ෂණ සේවා ඩවුන්ඩෙටෙක්ට අනුව, අඟහරුවාදා උදේ 10:30 ට පසුව දෝෂ වාර්තා ඉහළ ගියේය.
මව් සමාගම වන Meta නියෝජිතයින් මේ ගැන අදහස් දැක්වීමක් කර නැත. ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval