
කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ දෙදෙනා ඩුබායි රටට පලා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංක සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට ජයටම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස ප්‍රදේශයේ කොන්ක්‍රීට් නිෂ්පාදනාගාරයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු සහ ජපානයේ සිට පැමිණි බොරලැස්ගමුවේ පදිංචිව සිටින කෝටිපති ව්‍යාපාරියෙකි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.
ගල්කිස්සේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලක්ෂ පහ හමාරක හෙරොයින් ග්‍රෑම් 8ක් සහ මිලිග්‍රෑම් 810ක් සමගය.
කැසිනෝ සහ සූදු ක්‍රීඩාවට යොමු වී ව්‍යාපාර බංකොළොත් වීමෙන් පසුව බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බව ඔහු ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත.
බොරලැස්ගමුවේ සැකකරු වසර ගණනාවක් ජපානයේ රැකියාව කර උපයාගත් නිවාස, යානවාහන, ව්‍යාපාර ඇතුළු සියලුම දේ කැසිනෝ සූදුවෙන් විනාශ වූ බව ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.
එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 208ක් සොයගෙන ඇත.
ව්‍යාපාර බංකොළොත් වීමෙන් පසුව කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි තැන, දෙදෙනා බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇතැයි ද හෙළි වී ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ, උප පොලිස් පරීක්ෂක ජයලත්, පොලිස් සැරයන් (38713) ක්‍රිෂාන්ත, කොස්තාපල්වරුන් වන (89059) පෙරේරා, (90226) බුද්ධික, (92896) අකිල, (102088) දේශාන්, (104684) තිලකරත්න, (105103) ප්‍රනාන්දු, කොස්තාපල් රියැදුරන් වන (105536) මල්ලවාරච්චි සහ (89631) අබේරත්න යන නිලධාරීහු මෙම වැටලීම කළහ.
ගයාන් සූරියආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval