The-ex-soldier-who-asked-for-a-sexual-bribe-from-a-girl-on-Facebook-is-in-the-net

23 හැවිරිදි තරුණියකගේ මුහුණු පොතේ ගිණුමට හොර රහසේ ඇතුළු වී ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසා ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි හිටපු හමුදා සෙබළකු පිළියන්දල බස් නැවතුම්පොළේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයෙකු බවත් කිසිදු පරිගණක දැනුමක් නොලබා ඇතත් වෙනත් පුද්ගලයකුගේ සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමේ අපූරු හැකියාවක් තිබෙන තැනැත්තෙකු බවත් පොලිසිය සඳහන් කළේය.





පැමිණිලිකාර රාගම තරුණිය  සමග මුහුණු පොතේ මිතුරෙකු වූ සැකකරු තරුණියට ආදරය කිරිමට අවසර පතා ඇති අතර තරුණිය එයට අකමැති වීමෙන් අනතුරුව සැකකරු ලින්ක් එකක් තරුණියගේ පෙම්වතාට යවා ඔහු එය විවෘත කිරීමත් සමඟම ඔහුගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී තිබූ සැකකරු ඔහු යවන ආකාරයෙන් තරුණියට කෙටි පණිවිඩ යවා නිරුවත් ඡායාරූප ඉල්ලා ඇතැයි පොලිසිය කීය. තම මුහුණු පොතේ ගිණුමට බාහිර පුද්ගලයකු හොර රහසේ ඇතුළු වී ඇති බව දැනගත් තරුණියගේ පෙම්වතා ඒ බව තරුණියට ද පවසා ඇති අතර වෙනත් පුද්ගලයන්ගේ නිරුවත්  පිංතූර සකස් කර ඡායාරූප තරුණියට ඒවා ඒවා සමාජගත කරන බවට තර්ජනය කර ඇයව හමුවීමට පැමිණෙන ලෙස සැකකරු පවසා තිබූ බව පොලිසිය සඳහන් කළේය.එම තරුණිය විසින් තම මුහුණු පොතේ ගිණුමට ඇතුළු වූ කිසියම් පුද්ගලයකු තම පෙම්වතා ආකාරයෙන් කෙටි පණිවිඩ එවමින් තමන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලමින් සහ හමුවන ලෙස පවසමින් තර්ජනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව තරුණිය සැකකරුගෙන් ගැලවීමක් නොමැති බැවින් කෙටි පණිවිඩයක් යවමින් හමුවීම සඳහා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණෙන ලෙස පවසා ඒ බව පිළියන්දල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර මෙනෙවිය හමුවී පැවසීමෙන් අනතුරුව එම නිලධාරීනිය සහ තවත් පොලිස් නිලධාරීන් කීප දෙනකු සිවිල් ඇඳුමින් සැරසී බස් නැවතුම් පොළට ගොස් සැකකරු තරුණිය හමුවීම සඳහා පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හික්කඩුව ගෝනාපීනුවල නිවසේ සිට තරුණිය හමුවීම සඳහා පැමිණීමේ දී මව්පියන්ට පවසා ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බවත් එලෙස පැමිණීමේ දී සැකකරු තරුණියට චොක්ලට් පැකට් කිහිපයක් ද රැගෙන ආ බවත් පොලිසිය සඳහන් කළේය.ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම,

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර, කොස්තාපල්වරුන් වන 102361 මුණසිංහ, 102362 විමලරත්න ,102363 සමීර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ