
වසර හතරකට පසු යළි තායි ඒයාවේස් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.
අප්‍රේල් පළමුවනදා පළමු ගුවන් යානය බැංකොක් සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.
පසුගිය කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වු තායි ඒයාවේස් ගුවන් සේවය අත්හිටුවනු ලැබු අතර තායිලන්තය වෙත ගමන් කරන මගීන්ට වෙනත් විකල්ප සෙවීමට අවශ්‍ය විය.
තායි ඒයාවේස් ගුවන් සේවයේ කටයුතු යළි ආරම්භ කර කටුනායක හා බැංකොක් අතර ගුවන් ගමන් යළි ආරම්භ වනු ඇත.
තායි ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිතූන් මහපනපෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් සමග රජයේ ඇමතිවරුන් එක්වූ උත්සවයක්ද පැවැත්විණී.
Comments
Post a Comment
Your comment will be visible after approval