
කුවේට් නගරයේ ක්‍රීඩා පිටියක සංවිධානය කර තිබූ 'ශ්‍රී ලංකා දිනය-කුවේට්' උත්සවයකට අදාළව එහි අළවා තිබූ පෝස්ටරයක් ඉවත් කිරීමේ සිදුවීමක් වාර්තාවේ.
මාර්තු 01 (පෙරේදා) කුවේට්හි අබුහලීෆා ක්‍රීඩා පිටියේ පවත්වන්ට නියමිතව තිබූ මෙම ප්‍රසංගයට සමණලී ෆොන්සේකා,ඉන්ද්‍රචාපා බුලත්සිංහල සහ ප්‍රසන්නජිත් අබේසූරිය යන කලාකරුවන් එක්වූ අතර ඔවුන් ජාතික ජන බලවේගයට සම්බන්ධිත කලාකරුවන්ය. ඔවුන් සමග එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ රුව සහිතව
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් බහුජන සංවිධානයක් වූ ‘එතෙර අපි’ කුවේට් ශාඛාව විසින් අලවා තිබූ පෝස්ටරය බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබුණි.
එම පෝස්ටරයේ ඉහළින්ම සඳහන් කර තිබුණේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගයෙන් මෙම උත්සවය පැවැත්වෙන බවයි.
නමුත් තානාපති කාර්යාලය එවැනි සම්බන්ධයක් ගැන නොදන්නා බව පවසමින් එම සඳහන සහිත පෝස්ටරය ඉවත් කරන්නැයි ඉල්ලා ඇති බව වාර්තා විය.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හරහා මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇති අතර කුවේට් හි දූත පිරිස අමතා තානාපති කාර්යාලය උත්සවයේ කොටසක් ලෙස සඳහන් කිරීම ඉවත් කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා තිබුන බව පැවසේ.

Comments
Post a Comment
Your comment will be visible after approval