
පුංචි කාලයේදීම රියලැටි වේදිකාව හරහා සංගීත ක්ෂේත්රය තුළ නමක් දිනාගන්නට සමත් වූ ඔශානි සංදිපා මේ වනවිට සුන්දර යොවුන් වියේ පසුවන්නියකි. වෙනස්ම ආකාරයේ ගීත නිර්මාණ කිහිපයක් ඔස්සේ මේ අවුරුද්දේ රසික රසිකාවියන් අතරට එන්නට උත්සාහ කරන ඇය පසුගිය සතිඅන්තයේ පුවත්පතකට පෙම් සිතිවිලි ගැන මෙසේ කියා තිබේ.
කලාව තුළ ඉන්නකොට ආදර යෝජනා එහෙම එනව ඇති.
කලාව තුළ ආදර යෝජනා ක්ෂේත්රයට ආව කාලේ ඉඳන් ඇවිත් තියෙනවා. තවමත් එනවා. එදා ඉඳන් අද වෙනකම් මම හැමතැනම යන්නේ මගේ තාත්තා එක්ක.
ඔබ දැන් ආදරවන්තියක් ද?
ඔව් ඉතින්… අම්මට තාත්තට මගේ සහෝදරියන්ට යහළුවන්ට ඒ හැම කෙනෙක්ටම ආදරේ කරන හොඳ ආදරවන්තියක් මම.
මොනවගේ කෙනෙක් ද හොයන්නෙ?
මම හරිම විනෝදකාමී විවෘත කෙනෙක්.
මම හොයන කෙනාත් ඒ වගේ කෙනෙක් වුණොත් හොඳයි. මම විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නිසා මම කැමැතියි එයත් මාත් එක්ක විදෙස්ගත වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්. මම පවුලේ වැඩිමල් ගැහැනු ළමයා. මගේ අම්මා තාත්තාව මම වගේම බලාගන්න කෙනෙක් වෙන්න ඕනේ. පවුලට විශ්වාසය ආදරේ තියෙන මහ පොළොවේ පයගහලා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක්ට තමයි මම කැමති.
(අනුෂා රණසිංහ - රසඳුන)

Comments
Post a Comment
Your comment will be visible after approval