
විදේශගතව සිටින සිය පුතාගේ වෛද්‍ය බලපත්‍රය භාවිත කරමින් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයකු බියගම බණ්ඩාරවත්ත හන්දියේ දී පෙරේදා (06දා) සවස අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය සඳහන් කරයි.කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත් අඩංගුවට පත්ව ඇත.
සැකකරු සන්තකයේ තිබූ වෛද්‍ය නලාවක්, රුධිර පීඩන මානයක්, නම සඳහන් මුද්‍රාව, ඔහුගේ අත් අකුරින් ලියන ලදැයි සැලකෙන ඖෂධ හා වෙනත් තුණ්ඩු ආදියද පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු මාස දහයකට අධික කාලයක සිට බියගම ප්‍රදේශයේ වෛද්‍ය වරයකු ලෙස පෙනී සිටිමින් පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බවට තොරතුරු ලැබී ඇත.බියගම පොලීසියේ විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හදිසියේ කරන ලද වැටලීමකදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණි.බියගම පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
බියගම පද්මසිරි රණතුංග/මල්වාන ඩබ්.ඩී.එම්.විතානගේ
Comments
Post a Comment
Your comment will be visible after approval