bet365-australia-probe

ඔස්ට්‍රේලියාවේ මූල්‍ය අපරාධ කණ්ඩායම්  විසින් එක්සත් රාජධානියේ අන්තර්ජාල සූදු සමාගමක් වන Bet365 මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ නීතිවලට අනුකූල වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එය ඕස්ට්‍රේලියානු ගනුදෙනු වාර්තා සහ විශ්ලේෂණ මධ්‍යස්ථානය (ඔස්ට්‍රැක්) ආයතනයේ බාහිර විගණනයකට 2022 දී නියෝග කර ඇත.

කෙසේවෙතත් වසංගතය අතරතුර ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමෙන් පසු කර්මාන්තය වැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

ඕස්ට්‍රේලියානු ගනුදෙනු වාර්තා සහ විශ්ලේෂණ මධ්‍යස්ථානයේ (ඔස්ට්‍රැක්) ප්‍රධාන විධායක නිලධාරී බ්‍රෙන්ඩන් තෝමස්  පවසන්නේ එම අවදානම් කළමනාකරණය සඳහා ප්‍රමාණවත් ක්‍රියාවලීන් නොමැති ව්‍යාපාර අපරාධකරුවන්ගේ සූරාකෑමට ගොදුරු වන බවයි.



ඔහු වැඩි දුරටත් පවසන්නේ ඔස්ට්‍රැක් බැංකු, කැසිනෝ සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම් විමර්ශනය කරන අතර  ඔවුන් අපරාධවලින් ලැබෙන ආදායමෙන් ලාභ ලැබීම වැළැක්වීම සඳහා ශක්තිමත් අනුකූලතා පද්ධති ඇති බවට වග බලා ගන්නා බවයි.

මේ වන විට Ladbrokes හිමිකරු Entain ද 2022 සිට ඕස්ට්‍රේලියාවේ විමර්ශනය කර ඇති අතර තවත් ප්‍රතිවාදී Sportsbet බාහිර විගණනයකට මුහුණ දී ඇත.

තවද ඕස්ට්‍රේලියානු නීතියට අනුව, මුදල් විශුද්ධිකරණයේ හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම හඳුනා ගැනීම, අවම කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සමාගම් ගනුදෙනුකරුවන් තක්සේරු කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු අධීක්ෂණය කිරීම අවශ්‍ය වේ.

එසේම දුර්වල අනුකූලතා පද්ධති ඇති බව Austrac විසින් සොයා ගන්නා ලද ඕනෑම සමාගමකට දඩ නියම කළ හැකිය.

මෑත වසරවලදී,මූල්‍ය අපරාධ කණ්ඩායම විසින් මුදල් විශුද්ධිකරණ විරෝධී සහ ත්‍රස්තවාදයට මුල්‍ය සම්පාදනය කිරීමේ නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශාල දඩ මුදල් ප්‍රදානය කරන ලද ප්‍රධාන ණය දෙන්නන් වන Westpac සහ Commonwealth Bank of Australia පරික්ෂා කොට ඇත.



එසේම ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ කර්මාන්තය ඔස්ට්‍රේලියාවේ වෙනත් අභියෝගවලට ද මුහුණ දෙයි.

ඒ අනුව පසුගිය වසරේ, Bet365 සැලකිය යුතු අලාභයක් වාර්තා කළ නමුත් එහි ප්රධාන විධායක ඩෙනිස් කෝට්ස් පවුම් මිලියන 221 ක් පමණ ගෙවා ඇත.

එය පෙර වසරට වඩා පවුම් මිලියන 7ක් වැඩි වූ අතර Ms Coates හට අවම වශයෙන් £m 50m වටිනා ලාභාංශ ද ලැබී ඇත.

මෙහිදී වැටුප් වැඩි වීම යන්නෙන් අදහස් වන්නේ පසුගිය වසර හතර තුළ ඇයගේ මුළු වැටුප පවුම් බිලියන 1 ඉක්මවන බවයි.

තත්ත්වය කෙසේවෙතත් Ms Coates වසර 20 කට පෙර Stoke-on-Trent රථගාලක ගොඩනැගිල්ලක Bet365 වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර ඇය බ්‍රිතාන්‍යයේ ධනවත්ම කාන්තාවක් ලෙසත් ලෝකයේ හොඳම වැටුප් ලබන විධායක නිලධාරිනිය ලෙසත් සැලකේ.