
පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල කළේ යැයි සැකපිට තවත් පාසල් ගුරුවරියක ඊයේ (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින්නීය.
ඇගේ පාදයක සහ අතක කැපුම් තුවාල කිහිපයක් ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.සැකකාර අත්අඩංගුවට ගත් 45 හැවිරිදි ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙකක රාජකාරී කරන මිතුරියන් බව පැවැසේ. දෙදෙනා අතර ඇති වූ විරසක වීමක් හේතුවෙන් සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී පෙරේදා (18) මැදියම් රැයේ තුවාල ලැබූ ගුරුවරිය සොයා ඇගේ නිවෙසටම ගොස්
මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නිවැසියන් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 ට දැනුම් දී පොලිසියට බාරදුන් බවද පොලිසිය පැවසීය.බදුල්ල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
බදුල්ලේ පාලිත ආරියවංශ
Comments
Post a Comment
Your comment will be visible after approval