
රිළවකු නිවසකට කඩා වැදී දස හැවරිදි දරුවකු සපා කා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළව එම රිළවා ඇති කළ බව කියන සැකකාරියකට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊ යේ (11) පස්වරුවේ. රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කළේය.
ප්‍රදේශයේ පදිංචි ජේ.ඒ. මල්ලිකා නමැත්තියකට එසේ ඇප නියම කැරිණි. සැකකාරියගේ නිවසේ ඇති කළ බව කියන රිළවකු දම්වැල කඩාගෙන අසළ නිවසකට ගොස් දස හැවිරිදි දරුවකු සපා කා බරපතළ තුවාල සිදුකර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව මීරිගම පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. දරුවා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි. සැකකාරියට ඇප නියම කැරිණි. ජූලි මස 25 වනදාට කල් තැබිණි. සැකකාරිය වෙනුවෙන් නීතිඥ ප්‍රියංකර මාරසිංහ මහතා පෙනී සිටියේය.
වාරණ ආනන්ද ඉ.ජයකොඩි
Comments
Post a Comment
Your comment will be visible after approval