
ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී අසෝක තිලකරත්න මහතා අද දින අභාවප්‍රාප්ත වූයේය. නීති ශිෂ්‍යයකුව සිටි කාලයේ ගුවන් විදුලියට ඔහු සම්බන්ධ වූයේ 1967 සිටය. ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස ඇතුළත් විය.
ඔහු ගුවන් විදුලි කලාවට ආසා කළ නිසා නීතීඥයෙකු වීමේ ආසාව අත්හලේය. පසුව ඔහු සිංහල අංශයේ සහන නිවේදකයෙකු ලෙස එක් විය. ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසද කටයුතු කලේය.
ලක්හඩ ගුවන් විදුලිය 1990 දශකයේ අරඹන විට ඔහු එහි සමාරම්භක වැඩසටහන් කළමනාකරු විය. නිෂ්පාදකයෙකු වැඩසටහන් සම්පාදක විස්තර විචාරක ආදී ලෙස විවිධ කටයුතු කළේය.
ගුවන් විදුලි වැඩසටහන් පමණක් නොව ගුවන් විදුලි තාක්ෂණ ශිල්පයද ඔහු ප්‍රගුණ කලේය.
ශනිදා සාදය ඔහුගේ ජනප්‍රිය වැඩසටහන් අතරින් එකකි.
Comments
Post a Comment
Your comment will be visible after approval