
රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පවසමින්, රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බව ජාතික ජනතා පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව හරහාද රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බව රත්නපුර දිස්ත්‍රික් කාන්තා සම්මේලනය අමතමින් ඔහු කියා සිටියේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවා තාක්‍ෂණය දියුණු කළහොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම දෙගුණයකින් වැඩි කර ගත හැකි බව ඔහු පැවසීය.
“අපිට මුදල් හොයාගන්න පුළුවන්.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා.දෙපාර්තුමේන්තුවේ භාවිත වන නීති, කාර්ය මණ්ඩල, තාක්‍ෂණයේ යම් යම් වෙනස්කම් කරන්න තියෙනවා.කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩි කළොත් ඒ හරහා ලැබෙන ආදායම දෙගුණ කරන්න පුළුවන්. රේගු හා සුරාබදු දෙපාර්තමේන්තුවලින් උපයන ආදායමද වැඩිකරගත හැක.
සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් රුපියල් බිලියන 90ක පමණ හිඟ මුදලක් ඇත.
NPP රජයක් බලයට පත් වූ පසු ජනතාවගේ ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළු මූලික අවශ්‍යතා සහතික කරන බව දිසානායක මහතා පැවසීය.
මැණික් සම්පත, තේ කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය පදනම් කරගත් කර්මාන්ත මුල් කර ගනිමින් ආර්ථිකය පුනර්ජීවනය කිරීමට දීර්ඝ කාලීන සැලසුම් සකස් කර ඇති බව ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval