
අහුන්ගල්ල ප්‍රදේශයේ RIU තරු පන්තියේ සංචාරක හෝටලය ඉදිරිපිට අද (01) දහවල් ස්කූටරයෙන් පැමිණි දෙන්නෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීම අද දහවල් 12:00ට පමණ සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නීල් කුසුම් කුමාර හෙවත් ‘පච්ච මංජු‘ නමැති 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි.
ඔහු කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් බව හෙලි වී ඇත.
පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval