
සාමාන්‍ය ඇඳුමෙන් සැරසී යතුරු පැදියක පිටුපස අසුනේ ගමන් කරමින් සිටි 24 හැවිරිදි හිමිනමක ප්‍රශ්න කිරිම සඳහා 15 දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මහනුවර වත්තේගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් හිමිනම වත්තේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බව වත්තේගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි හිමිනම යතුරුපැදියේ පිටුපස අසුනේ වාඩි කර එම යතුරු පැදිය පැදවූ 21 හැවිරිදි තරුණයාද පොලිස් භාරගෙන ගෙන ඇත.
වත්තේගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා රාත්‍රියේ ජංගම සංචාරයේ නිරතව සිටිය දී මඬවල ප්‍රදේශයට ධාවනය වෙමින් තිබු සැක කටයුතු යතුරු පැදියක් නතර කර එහි ගමන් ගත් දෙදෙනා පරීක්ෂාවට ලක්කර ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
යතුරුපැදියේ පිටුපස අසුනේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී වාඩිවී සිටින්නේ වත්තේගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් බවට පොලිස් නිලධාරීන් විසින් හඳුනා ගනු ලැබීමෙන් පසුව හිමිනම ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
වත්තේගම පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval