
එංගලන්තයේ හෝටලයක සෝපානය අසලින් විශාල ‘පිහියක්’ අතැතිව පුද්ගලයෙකු එහා මෙහා යන අයුරු දැකීමෙන් මහත් භීතියක් ඇති වී ඇත. සාක්ෂිකරුවන්ගේ පැමිණිලි අනුව, ආරක්ෂක නිලධාරීන් පිරිසක් ලීස්ටර්ෂයර් හි එන්ඩර්බි ස්ථානයට පැමිණ ඇත . කෙසේ වෙතත්, එම ආයුධය හැරී පොටර් රසිකයෙකුට අයත් යෂ්ටියක් පමණක් වන බව සොයා ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් පුදුමයට පත් වී තිබේ.
පසුව ලෙස්ටර්ෂයර් පොලිසිය විසින් ෆේස්බුක් හී මෙම විනෝදජනක සිදුවීම පිළිබඳ විස්තර බෙදාහදා ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම සිදු වීම සිදුවූයේ කුමන හෝටලයකද යන්න ඔවුන් මෙතෙක් හෙළිකර නැත.
"මම අද උදෑසන තවත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමඟ එන්ඩර්බි හි විශාල හෝටලයකට ගියෙමි. ඒ එම හෝටලයේ සෝපානය අසල පිරිමි පුද්ගලයෙකු 'විශාල පිහියක්' රැගෙන යන බවට වාර්තා වීමත් සමඟය . එහෙත් සිදු කළ විමර්ශණයේ දී ඇන ගත හැකි වූයේ , ඔහු යෂ්ටියක් අතැති හැරී පොටර් රසිකයෙක් වන බවයි. " යනුවෙන් එක් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ෆේස්බුක් සටහන අන්තර්ජාලය හරහා විනෝදය සහ සිනහව ඇති කළ දෙයක් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval