
සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.මෙම තත්වය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන් රථ 21 න් 8 ක් පමණක් මේ වන විට සේවයේ යෙදවීමේ අවස්ථාව උදාවී ඇති බව කී එම නිලධාරියා
එහි සේවය කළ රියැදුරන් සහ හෙදියන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වීම මෙයට හේතුව බව ද සඳහන් කළේය.සුවසැරිය ගිලන්රථ සේවයේ සේවය කළ සේවා සහතිකයට විදේශ රටවල හොඳ ඉල්ලුමක් පවතින බවත් ඒ හේතුවෙන් එම ගිලන් රථ සේවයේ සේවකයන් විදේශගත වීම ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා කීය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන සුවසැරිය ගිලන්රථ සේවය සතුව ගිලන් රථ 325 කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවත් එම ගිලන් රථ උපරිම ධාරිතාවෙන් සේවය යෙදවීම ගැටලුවක් වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
යොහාන් භාසුර
Comments
Post a Comment
Your comment will be visible after approval