east-14-injured-theme-park

ස්පාඤ්ඤයේ තේමා උද්‍යානයක රෝලර්කෝස්ටරයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.   තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු ගුවන් මගින් රෝහල වෙත රැගෙන ගොස් ඇත.



ස්පාඤ්ඤයේ PortAventura World හි ටොමාහෝක් රෝලර්කෝස්ටරය මත සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෙම අනතුරෙන් දැඩි ලෙස තුවාල සිදු වූ අතර ඔවුන් ගුවන් යානයක් භාවිත කරමින් රෝහල වෙත  රැගෙන යාමට සිදු විය. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ වැඩිහිටියන් සිටින බව ද වාර්ථා වෙයි.



තේමා උද්‍යානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ,  උදෑසන පැවති අධික සුළං හේතුවෙන්, ටොමාහෝක් රෝලර්කෝස්ටරය මතට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුවී ඇති බවත්,  තුවාල වූවන්ගේ පවුල්වලට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත්ය.

සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම සදහා පොලිස් භටයන් තේමා උද්‍යානයේ රැඳී සිටියි. ජනවාරි මාසයේදී කොලොම්බියාවේ මොන්ටිනිග්‍රෝ හි පාර්ක් ඩෙල් කැෆේහිදී රෝලර්කෝස්ටරයකද මෙවැනිම බිහිසුණු තත්වයක් වාර්ථා වූ අතර , හත් දෙනෙකු අනතුරට පත් විය.

වැඩිහිටියන් හය දෙනෙකු සහ එක් දරුවෙකු පැය භාගයකට ආසන්න කාලයක් අඩි 100 ක් පමණ උසක සිරවී සිටිනු දක්නට ලැබිණි.

උඩු යටිකුරු වූ රෝලර්කෝස්ටරය තුළ සිරවී සිටි පිරිස වෙත ළඟා වීමට හදිසි සහායකයින් සේවා සෝපානයක් භාවිතා කරන විට , නොසන්සුන් ගලවා ගැනීමේ මෙහෙයුමක් පැවති බව , සෙසු උද්‍යාන නරඹන්නන් විසින් ගන්නා ලද දර්ශන මගින් පෙන්නුම් කළේය.

ගලවා ගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මක වී මිනිත්තු 30 කට පමණ පසු, අනතුරට ලක් හත් දෙනාම කිසිදු තුවාලයක් නොමැතිව ආරක්ෂිතව සහ හොඳින් මුදවා ගැනීමට හැකි වී තිබේ.  

මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් උද්‍යානයේ ප්‍රකාශකයා , සේවකයින්ගේ ඉක්මන් සහ සාර්ථක මැදිහත්වීම අගය කරමින් අමුත්තන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කළේය.