A 1700-year-old intact chicken egg has been found for the first time-world

වසර 1,700ක් පමණ පැරණි බවට ඇස්තමේන්තු කරන ලද නිරුපද්‍රිතව පවතින කුකුල් බිත්තරයක් සොයාගෙන ඇති අතර,  එහි ඇතුළත තවමත් දියරයක් ඇති බවට විද්‍යාඥයන් සොයා ගෙන ඇත. ඒ අනුව එය ලොව ඇති එකම පැරණිම වර්ගයේ කුකුල් බිත්තරය බවට විශ්වාස කෙරේ.



එය 2007 සහ 2016 අතර කාලය තුළ බකිංහැම්ෂයර් හි අයිල්ස්බරි ප්‍රෙද්ශයේ සිදු කරන ලද කැණීමකදී සොයා ගන්නා ලද අතර, එකල පර්යේෂකයන් ප්‍රකාශ කළේ එය “සැබෑ අද්විතීය සොයාගැනීමක්” බවයි.



කැණීම් අතරතුර පුරාවිද්‍යාඥයන් විසින්,  "ප්‍රබල දුර්ගන්ධයක්" නිකුත් කරන තවත් බිත්තර තුනක් කඩා දමා ඇති නමුත්, සිව්වන බිත්තරය එවැනි ව්‍යාකූලත්වයක් නොමැතිව පැවතුන බව පුරාවිද්‍යාඥයන් පවසයි.

ඔක්ස්ෆර්ඩ් පුරාවිද්‍යාවේ විශේෂඥයින් සිතන්නේ ජලයෙන් යට වූ මෙය රෝම ප්‍රාර්ථනාවක් ලෙස භාවිතා කළ හැකි බවයි.

පසුව සිදු කරන ලද ක්ෂුද්‍ර ස්කෑන් පරීක්ෂණයකින්  බිත්තරයේ තවමත් කහ මදය සහ බිත්තර සුදු මදය අඩංගු වන බව සොයාගෙන ඇති අතර , එම කාලයට අයත් එකම බිත්තරය මෙය බවට විශ්වාස කෙරේ.



කැණීම අධීක්‍ෂණය කළ ඔක්ස්ෆර්ඩ් පුරාවිද්‍යාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමණාකරු එඩ්වඩ් බිඩුල්ෆ් පැවසුවේ , එහි අන්තර්ගතය දුටු විට ඔවුන් සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වූ බවයි.  

කෙන්ට් විශ්ව විද්‍යාලයේ වැඩිදුර විශ්ලේෂණය සඳහා බිත්තරය ගෙන ගිය සංරක්ෂණ නිලධාරි ඩනා ගුඩ්බර්න්-බ්‍රවුන් විසින් මෑතකාලීන පර්යේෂණ සිදු කර ඇත.

"බිත්තරය නොවෙනස්ව පැවතීමට අමතරව ,  කහ මදය  ඇදහිය නොහැකි තරම් ඇල්බියුමන් ආදියෙන් සමන්විත වී ඇති බව අනුමාන කරන පරිදි  දියර ඇතුළත ද රඳවාගෙන ඇති බව පෙන්නුම් කරන විස්මිත රූපයක් නිපදවා ඇති බව ," බිඩුල්ෆ් මහතා පැවසීය.



එය ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය වෙත ගෙන ගොස් ඇති අතර, එහිදී කෞතුකාගාරයේ පක්ෂීන්, බිත්තර සහ කූඩු එකතු කිරීමේ ජ්‍යෙෂ්ඨ භාරකරු ඩග්ලස් රසල් මහතා බිත්තරය සංරක්ෂණය කර එහි කොටස් ඉවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලබාගෙන ඇත.

පුරාවිද්‍යාඥයන්  පවසන්නේ "අවුරුදු 2,000ක් පමණ පැරණි බිත්තරයක් රැගෙන ලන්ඩනය පුරා ඇවිදීම තරමක් භයානක වන බවයි.

බිත්තරය දැන් අයිල්ස්බරි හි ඩිස්කවර් බක්ස් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර , සියුම් කවචය නොකැඩී ඇතුළත නිස්සාරණය කරන ආකාරය සොයා ගැනීම දිගටම කරගෙන යයි.