
හදිසි අනතුරකින් මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ බණ පිංකමක් ඊයේ (8) පවත්වා තිබේ. සනත් නිශාන්ත හා පවුලේ අය කතෝලිකයන් වුවද ඔහු වෙනුවෙන් මෙම විශේෂ පින්කම ඔහුගේ අභාවයෙන් දින 14 කට පසුව හිතවතුන් විසින් සංවිධානය කර තිබුණි. මේ සඳහා මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ. ලිමිනි රාජපක්ෂ ඇතුළු පිරිස මූලික ලෙස සම්බන්ධවූ අතර බණ ශ්‍රවණය සඳහා සීමිත පිරිසක් එක්වූහ.
ධර්ම දේශනාව පැවැත්වූයේ කොටුවේ පොඩි හාමුදුරුවන් විසිනි.

Comments
Post a Comment
Your comment will be visible after approval