
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය 5වන පටුමගේ පිහිටි නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් හයක පුද්ගලයෙකි. සැකකරු නිවෙස්වලට ගොස් ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරන ගුරුවරයෙකි.
2022 ජූලි 9වන දින සැකකරු තවත් පිරිසක් සමග එක්ව මෙම නිවසට ගිනි තබා දේපළ සොරාගෙන තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 138, 366, 408, 427 හා 428 යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval