
ඩුබායි සිට මෙරටට රැගෙන ආ හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය පානය කර කුලී රථ රියැදුරකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි බව එරටෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
කුලී රථ රියදුරකුට පහර දුන්නේ යැයි කියමින් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පියුමි නැමැත්තා එරට රෝහලක වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ
ලබාගත් ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමේදී ඔහු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට හෙළිවී ඇතැයි ඒ රටින් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
ඩුබායි සිට රැගෙන ආ පියුමි නමැත්තා, රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන පරීක්ෂණ මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන කුඩු සලිඳු නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.
ප්‍රබල පාතාල සාමාජිකයකු ලෙස සැලකෙන පියුමි නමැත්තාගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණයවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval