phi-murder-updates

 ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සංග­මයේ භාණ්ඩා­ගා­රික සහ කර­න්දෙ­ණිය පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක දිලීප රොෂාන් කුමාර මහ­තාගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් වැද­ගත් තොර­තු­රක් අනා­ව­ර­ණය කර ගැනීම සඳහා සීසී­ටීවී දර්ශන 100කට ආසන්න ප්‍රමා­ණ­යක් මේ වන විට පරී­ක්ෂා­වට ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.එකී පරී­ක්ෂණ කට­යුතු සඳහා කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් පරී­ක්ෂක එස්.එස්.පී.ජේ. නිශාන්ත හා ලසන්ත ධර්ම­රත්න මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කණ්ඩා­යම් දෙකක් ඇල්පි­ටි­යට ගොස් ඇත.

මීට වස­ර­කුත් මාස­ය­කට පෙර ශ්‍රී ලංකා පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සංග­මයේ භාණ්ඩා­ගා­රික තන­තුර භාර ගන්නා අව­ස්ථා­වේදී ගිණුමේ තැන්පත්ව තිබූ මුදල් සම්බ­න්ධ­යෙන් අඩු­වක් තිබී ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් යම් මත­භේ­ද­යක් තිබූ බවට තොර­තුරු ලැබී ඇතැයි ද විම­ර්ශන නිල­ධා­රි­යෙක් පැව­සීය.

ප්‍රධාන තන­තු­රක් සම්බ­න්ධ­යෙන් ඔහුගේ නම යෝජනා වීම සම්බ­න්ධ­යෙන්ද? විම­ර්ශන නිල­ධා­රීන්ගේ අව­ධා­නය යොමුවී ඇති අතර ඒ සෑම තොර­තු­රක් ඔස්සේම දිගු විම­ර්ශ­න­යක් සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.

පැහැ­දි­ලි­වම මෙම ඝාත­නය කොන්ත්‍රා­ත්තු­වක් මත සිදු කළ එකක් බවට පරි­පා­ලන නිල­ධා­රි­යාගේ පසු­බිම පිළි­බඳ පරීක්ෂා කිරී­මේදී පැහැ­දිලි වන බවත් ඔහු ඉතා හොඳින් රාජ­කාරි ජීවි­තය මෙන්ම පෞද්ග­ලික ජීවි­තය පව­ත්වා­ගෙන ගිය අයකු බවට ඕනෑ­ව­ටත් වඩා තොර­තුරු ලැබී ඇති බව ද පරී­ක්ෂණ පව­ත්වන නිල­ධා­රි­යෙක් පැව­සීය. රාජ­කා­රිය අකු­ර­ටම ඉටු කළ නිල­ධා­රි­යකු වූ ඝාත­න­යට ලක්වූ දීලිප රොෂාන් කුමාර මහතා ජන­තා­වගේ ජීවිත ආර­ක්ෂාව වෙනු­වෙන් විවිධ කර්මාන්ත ශාලා­වන්ට එරෙ­හිව පැවරූ නඩු ඔහුගේ ජීවි­තය අහිමි කිරී­මට තරම් ඒවා නොවන බවත් එම නඩු සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මේදී පැහැ­දිලි වන බව එම නිල­ධා­රියා කීය.


ඔහුගේ පෞද්ග­ලික ජීවිතේ ඉඩ­ක­ඩම් නඩු හෝ වෙනත් එදි­රි­වා­දි­ය­කු­ගෙන් තර්ජ­න­යක් සම්බ­න්ධ­යෙන් පවුලේ සමී­ප­ත­ම­ය­න්ගෙන් හෝ දැන ගැනී­මට ලැබී නැතැයි ද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් කීය.

 බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ