
අධි මාත්‍රා මත්පෙති කාලයක් තිස්සේ විකිණීමේ ජාවාරමක නිරත වී යැයි කියන පේරාදෙණිය ළමා රෝහලේ මෙම වෛද්‍යවරයා මල්පෙති 1600 ක් සහ එම මල්පෙති ප්‍රවාහනයට යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග අත්අඩංගුවට ගත් බව ඇත්ගාල පොලිසිය කියයි.
උපාය දූතයකු ලෙස යෙදවූ පොලිස් නිලධාරියකුට මත්පෙති අලෙවි කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍ය වර්ධනකුඹුර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නිදහස් කරන ලෙසට විවිධ පුද්ගලයන් පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කර ඇතැයිද වාර්තා වේ.
මේ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳව වැඩබලන දේශබන්දු පොලිස්පති තෙන්නකෝන් මහතාට දැනුම් දී ඇත.
කුමන තරාතිරමක පුද්ගලයකු වුවත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.
සැකකාර වෛද්‍යවරයා රෝහල් සේවයට අමතරව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක්ද පවත්වාගෙන ගොස් ඇති අතර එම වෛද්‍ය මධ්‍යස්ථානවල ප්‍රතිකාර දීමෙන් අනතුරුව නැවත නිවෙසට පැමිණෙන අවස්ථාවලදී අධි මාත්‍රා මත්පෙති ජාවාරමේ යෙදී ඇති බවට තොරතුරු ලැබී තිබුණි. ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ රජයේ ඔසුසල්වලින් එම මත් පෙති මිලදී ගත් බවයි.
මොහුගෙන් මත්පෙති ලබාගෙන විවිධ ප්‍රදේශවල ජාවාරමේ යෙදෙන පිරිසට මෙම වෛද්‍යවරයා හොර රහසේ රාත්‍රී කාලයේ මෝටර් රථයෙන් ගොස් මෙම මත් පෙති අලෙවි කිරීම සිදුකර තිබේ.
මෙම වෛද්‍යවරයා හා මෝටර් රථය ඊයේ (14) ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිකළ පසුව 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval