
ඇය උසස් කෙරුණු අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන එම තනතුරින් මෙසේ ඉවත් කර ඇතැයි කියති.
බලපෑමට ලක්වූ නිලධාරියා සම්බන්ධයෙන් පෙර කී නිලධාරිනිය නොසතුටට පත්ව සිට ඇති බවත් එම නිලධාරියාගේ නිවෙසට ඉකුත් සෙනසුරාදා ගොස් ඇති එම නිලධාරිනිය ‛සුදුස්සන් ඉද්දි ඔයා කොහොමද මේ තනතුරට එන්නේ' යනාදී වශයෙන් දෝෂාරෝපණය කර ඇති බවත් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිලධාරිනියගේ නොහික්මුණු ක්‍රියාව සැලකිල්ලට ගෙන ඇය එම තනතුරින් ඉවත් කළ බවයි.
පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට සහ සේවකයන්ට උසස් වීම් පිරිනැමීමේ දී ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම අමතර අධ්‍යාපන සුදුසුකම් සහ විශේෂ දක්ෂතා ඇතුළු කාර්ය සාධනය ගැනද සලකා බැලීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ උසස්වීම් මෙතෙක් පිරිනැමුණේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගෙනය.
සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval