
රාජකාරී කටයුත්තක් සඳහා පිටත්ව යන බවට පොලිස් පොතේ තොරතුරු සටහන් කර පමුණුගම, තල්දිය මුහුදු තීරයේ පෙරේදා (11) නෑමට ගිය ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු මුහුදේ ගසාගෙන ගොස් ගිලී මියගොස් ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ එච්.එස්. හෙට්ටිආරච්චි (55457) නමැති නවක පොලිස් කොස්තාපල්වරයාය.
මියගිය පොලිස් කොස්තාපල්වරයා බදුල්ල, කෝට්ටේගොඩ ජයබිම දෙවැනි කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියයන විට ඔහු 24වන වියේ පසු විය.ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් රාජකාරී කටයුත්තක් සඳහා පිටත්ව බවට පොලිස් පොතේ සටහන් යොදා මෙසේ මුහුදේ නෑමට ගොස් ඇති බව පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මුහුදේ ගසාගෙන ගොස් මියගොස් ඇත්තේ මෙම පොලිස් කණ්ඩායමේ සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි. පමුණුගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval