
නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවසකින් දින කිහිපයකට පෙර මිය ගිය බවට සැලකෙන වයෝවෘද්ධ අඹුසැමි යුවළකගේ සිරුරු සොයා ගත් බව පොලිසිය පවසයි.ජුබිලි මාවත, මිරිහාන ප්‍රදේශයේ දින කිහිපයක සිට දුගදක් හමන බව අසල්වැසියන් විසින් සිදුකල පැමිණිල්ලක් මත මිරිහාන පොලිසිය එම නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවෙසෙහි තිබූ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකි විය.
එමෙන්ම වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම නිවසේ මුළුතැන්ගෙයි තිබී නිරුවත් කාන්තා මළ සිරුරක්ද සොයාගත් අතර ඇය කාමරයේ මියගිය අයගේ බිරිය බව පැවසිණි.
පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 79ක් වන එඩ්වඩ් පරණවිතාන ලෙස හඳුනාගෙන ඇති බවයි.
කාන්තාව වයස අවුරුදු 77 ක් වන වයලට් සූරියආරච්චි නමැත්තියකි.
අසල්වැසියන් ලබාදුන් සාක්ෂි අනුව මියගිය කාන්තාව කලෙක සිට රෝගාතුරව සිටි බවද පැවසිණි.
මෙය ඝාතනයක්ද, නැතහොත් ස්වාභාවික මරණයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව මිරිහාන පොලිසිය සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval