
කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල
ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කොස්වත්තපාර පදිංචිව සිටි ආර් ඒ තනූජා ප්‍රියදර්ශනී (40)
එක්දරු මවකි.
මවුපියන් දෙදෙනා සිය එකම දියණියගේ අවශ්‍යතාවයක් සඳහා හොරණ නගරයට තීරෝද රථයෙන් පැමිණ
යළි නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ත්‍රී රෝද රථය හොරණ සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේදී මාර්ගයේ පිටුපස සිටි මියගිය කාන්තාවක්
සැමියා අමතා ඔන්න බස් එකක් එනවා යැයි පැවසීමත් සමඟම ඔහු එකවරම තීරෝද රථය වමට හැරවීමේදී
ත්‍රී රෝද රථය මාර්ගයේ වට දෙකක් පෙරළී මීටර් කීපයක් ඉදිරියට ඇදී ගොස් පානදුර සිට ඇඹිලිපිටිය
දක්වා ගමන් ගත් ඇඹිලිපිටිය ඩිපෝවට අයත් බස් රථයේ ඉදිරි දකුණු පස බෆරරේ ගැටි නතර වී ඇතැයි
පොලිසිය කියයි.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් විසින් මව පියා සහ කුඩා දැරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත්
කරන විටත් මව මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
තුවාල ලද දැරියගේ තත්ත්වය බරපතල බැවින් මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් ඒ මොහොතේම
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පිටත් කර හැරිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පියාගේ දකුණු අතට ගෙලට සහ පපුවට තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට
නියමිතය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

Comments
Post a Comment
Your comment will be visible after approval