
Zee Tamil හි සරිගමබා Little Champion අවසන් තරඟකාරියන් බවට පත්ව ජනප්‍රිය වූ ශ්‍රී ලංකාවේ Kilmisha හා Asani සහ තවත් අය යුරෝපීය සංචාරයක නිරත වන බවත් ජර්මනියේ සංගීත සංදර්ශනයට සහභාගී වන්නට නියමිත බවත් වාර්තාවේ.
කිල්මිෂාගේ ජයග්‍රහණය පසුගියදා ජනපතිවරයාගේ පැසසුමටද ලක්විය. ඇය සමග අවසන් තරඟකරුවන් ලෙස ඉදිරිපත්වූ Rudresh Kumar, Sanjana, Rikshita, Kanishkar සහ ප්‍රේක්ෂකයන්ගේ තේරීම වන Asani ජර්මානු සංගීත සංදර්ශනයට සහභාගී වීමට නියමිතයි.
මෙම ප්‍රසංගය EHS EVENTHALLE SCHWELM නමින් අප්‍රේල් 20 වන දින ජර්මනියේදී පැවැත්වීමට නියමිතය.
කිල්මිෂා සිය ෆේස්බුක් පිටුවේ මෙම තොරතුරු හුවමාරු කර තිබීම විශේෂත්වයකි.
බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්, රසිකයන් සහ මිතුරන් ඔවුන්ට සුබ පතා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval