channa-perera-gayathri-dias

චිත්‍රපට අධ්‍යක්ෂ හා ජනප්‍රිය ටෙලි නළු චන්න පෙරේරා සතිඅන්ත පුවත්පතකට ගයාත්‍රීගෙන් දික්කසාදවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඒ මෙසේය.

සිදුවුණු දේවල් වලට පසුතැවිල්ලක් නැද්ද?

අනේ නෑ. මට ලස්සන දුවල දෙන්නෙක් ලැබුණා. අපේ පවුලෙ ගෑනු ළමයි නැති නිසා මගේ විශේෂ කැමැත්තක් තිබුණෙ දුවලට. හැමදාම මං ප්‍රාර්ථනා කළේ දුවෙක්. මට දූල දෙන්නෙක්ම ලැබුණා. ජීවිතේ වෙන්න තියෙන දේවල්ලේ වෙන්නෙ. ඒ නිසා කිසිම පසුතැවිල්ලක් නෑ. ජීවිතය ගලාගෙන යද්දි ඒකත් අත්දැකීමක්. මට මෙහෙම සතුටකුත් තියෙනවා. ජීවිතේ ඒ ඒ කාලෙදි කරන්න ඔන හැම දෙයක්ම මං කළා. මං හිතනව මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා. නළුවෙක් විදිහටත් මං ආස කරපු අපේක්ෂා කරපු දේවල් මට ලැබුණා. මිනිස්සුන්ගේ ආදරේ නොඅඩුව ලැබුණා. තවත් මොනවද ඕන.



 ආදරෙන් විවාහ වුණු ඔබ දෙදෙනා වෙන් වෙන්න හේතුව මොකක්ද ?


එහෙම කිසිම හේතුවක් නෑ. ඒ අපි දෙන්නගෙ තිබුණු නොගැළපීම. අපි දෙන්න දෙන්නෙක්නෙ. මම චන්න පෙරේරා. එයා ගයත්‍රි ඩයස්. සිදු වුණු සමහර දේවල් අද වැරදියි කියල හිතුනට ඒ වෙලාවේ වැරදියි කියල හිතෙන්නෙ නෑනෙ. මට සාපේක්ෂව මං හරියි කියන දේ වගේම ගයත්‍රිට සාපේක්ෂව එයා හරියි කියල හිතන දේත් තියෙනවා. ඒ නිසා අපි දෙන්නගෙන් කාටවත් ඇඟිල්ල දික්කර ගන්න බෑ ඉතින්.



නොගැළපීම් ගළපගෙන ජිවත් වෙන්න උත්සාහ කරන අයත් ඉන්නවා නේද?

ඔව්. එහෙමත් කියනවා. අපිටත් දරුවො වෙනුවෙන් ලොකු ඉවසීමක් තිබුණා. මං කියන්නෙ නෑ
අපි ගත්ත තීරණේ හරිම තීරණේ කියලා. දික්කසාද වෙන එක නෙවෙයි එකම තීරණය. ඒ වෙලාවෙ අපිට වෙන විසඳුමක් පෙනුණෙ නෑ.

නැවත විවාහ වෙනවද?
අනාගතය කොහොම වෙයිද දන්නෙ නැහැ. මේ මොහොතෙ මං ඉන්නේ එහෙම තීරණයක.


(නාමලී ගමගේ රසඳුන අතිරේකයට කළ සාකච්ඡාව ඇසුරිනි)