marathon-world-record-holder-kelvin-kiptum-dies-car-accident

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් (24) සිය මව්බිමේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඔහු ඉරිදා බටහිර කෙන්යාවේ මාර්ගයක මෝටර් රථයක් තුළදී ඔහුගේ පුහුණුකරු වන රුවන්ඩාවේ ගර්වයිස් හකිසිමානා සමඟ අනතුරකින් මරු දුටුවේය. අනතුර නිසා රථයේ ගමන් කරමින් සිටි කාන්තාවකද තුවාල ලබා ඇත.


මාර්ග අනතුර ඉරිදා ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 11 ට පමණ සිදු වූ බව පොලිසිය උපුටා දක්වමින් AFP ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.පොලිසිය පැවසුවේ මැරතන් ශූර කිප්ටම් රියදුරු ලෙස කටයුතු කළ බවත්, වාහනය "පාලනය නැති වී පෙරලීමෙන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය" බවත්ය.
 තුන්වන මගියා ලෙස කාන්තාවක එහි ගමන් කළ බවත් ඇය - තුවාල ලබා "ඉක්මන් රෝහල් ගත කර ඇති" බව වාර්තා සදහන් කරයි.
කිප්ටම් 2023 දී විශිෂ්ටතම මැරතන් ධාවකයෙකු වන එලියුඩ් කිප්චෝගේට ප්‍රතිවාදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චිකාගෝහිදී කිප්ටම් පැය දෙකයි තත්පර 35 කින් සැතපුම් 26.2 ක් (කිලෝමීටර් 42) වාර්තා කරමින් කිප්චෝගේ ජයග්‍රහණය ඉක්මවා වාර්තා තැබීය.
ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ කියා සිටියේ කිප්ටම් "ඇදහිය නොහැකි වටිනාකමක් ඇති අයෙකු බවත් අනපේක්ෂිත මරණය කම්පනයක් ඇති කළ" බවයි.
මැරතන් ශුර කිප්ටම් දෙදරු පියෙකු විය.
ඔහුගේ පුහුණුකරු 36 හැවිරිදි හකිසිමානා විශ්‍රාමික රුවන්ඩියානු ධාවකයෙකි. පුහුණුකරු සහ මලල ක්‍රීඩකයා අතර සම්බන්ධතාවය 2018 දී ආරම්භවී තිබුණි.