ali-sabri-rahim-accident


පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත.



මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටී තිබේ .

අනතුරින් මන්ත්‍රිවරයාගේ රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි .
මෝටර් රථය ධාවනය වූ දිශාවටම ගමන් කළ අත් ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන තිබෙයි.

මෙම අනතුරෙන් අත් ට්‍රැක්ටරය පැදවූ පුද්ගලයාද තුවාල ලබා ඇති බවද සාලියවැව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මෝටර් රථය පැදවූ රියදුරු සාලියවැව පොලීස් අත්අඩංගුව යටතේ රෝහල්ගතව සිටී.