
ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ලබාගනිද්දී අත්අඩංගුවට ගත් බව කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරී 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියම කළේය.විමර්ශන කටයුතු අවසන් කර නැතැයි
කියමින් අල්ලස් කොමිසම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගත කරන ලද්දේ හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරී වශයෙන් කටයුතු කළ සුසන්ත උදය කුමාර නමැත්තෙකි.සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරී වසමට අලුතින්
පදිංචියට පැමිණි පුද්ගලයකුගේ නමක් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා සැකකරු රුපියල් 15,000/- ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 10,000/- ක් ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්හ"
සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශන කටයුතු තවම අවසන් කර නොමැති බැවින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් කරන්නැයි නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල යළි කැඳවන 27 වැනිදා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට නියෝග කළේය.
රෝෂන් තුෂාර
Comments
Post a Comment
Your comment will be visible after approval